ඕමානය ලකුණු 98කට සීමා කරති


(යොහාන් භාසුර)

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය වන ඕමානයට එරෙහිව බුලවායෝහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕමාන පිල ඕවර 30.2 කදී ලකුණු 98 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත් වූහ.

වනිඳු හසරංග (13/5) සහ ළහිරු කුමාර (22/3) විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕමාන පිල අසරණ කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඕමාන පිල ඕවර 30.2 කදී සියලු දෙනා දැවී 98 (ජටීන්ද්‍ර සිං 21, අයාන් ඛාන් 41, ළහිරු කුමාර 22/3, වනිඳු හසරංග 13/5)