
( සිතුම් චතුරංග)
වවුනියාව, ඕමන්ත පණ්රිකෙයිදකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි ඕමන්ත පොලිසිය පවසයි.
අනුරාධපුරය සිට යාපනය දක්වා ගමන්ගත් දුම්රියේ කැබ් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති අතර කැබ් රථය සම්පූර්ණයෙන් පොඩිපට්ටම්වී තිබුණි.
දුම්රිය කැබ් රථයේ ගැටීමෙන් අනතුරුව මීටර කිහිපයක් විසිගොස් ඇති අතර අනතුරින් කැබ් රථයේ රියදුරු බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කෙරිණි.
පොලිසිය පැවසූයේ අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයේ ගේට්ටුමුරකරුවකු නොසිට ඇති බවත් කැබ් රථයේ රියදුරු නොසැලිකිලිමත්ව රථය දුම්රිය හරස්මාර්ගය පසුකරයාමට උත්සහකොට ඇති බවත්ය.

