ඕතේ කැලෙන් ගිනි අවියක් මතු වේ


(ලාල් එස් කුමාර)

ජාඇළ ඕතේ කැලේ සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සොයාගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.

එම කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදි මෙම ගිනි අවිය සොයාගෙන ඇත.

අපරාධ සඳහා යොදාගත් ගිනි අවියක් ද යන්න ගැන පොලිසිය පරීක්ෂණ සිදු කරයි.