(යොහාන් භාසුර)
සංචරණ සීමා පනවා ඇති කාලය තුළ සතොස අළෙවිසල්වලින් නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමට වැඩසටහනක් සකස් කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සතොස ක්ෂණික ඇමතුම් අංකය වන 1998 ට ඇමතීමෙන් හෝ http://www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් භාණ්ඩ ඇනවුම් කළ හැකි බවත් රුපියල් දහසේ හෝ පන්දහසේ භාණ්ඩ මලූ හෝ වෙනත් භාණ්ඩ ඇනවුම් කළ හැකි බවත් අමාත්‍යවරයා කියයි.
අමාත්‍යවරයා පැවසුවේ සතොස වෙබ් අඩවියේ භාණ්ඩ සහ ද්‍රව්‍ය 114 ක් ඇතුළත්ව ඇති බවත් එම ඕනෑම භාණ්ඩයක් ඇනවුම් කළ හැකි බවත්ය.
වෙළෙඳ අමාත්‍යංශයේදී අද (28) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.

