ඔඩ්ඩුසුඩාන් සිට බියගමට ගෙනා දැව තොගයක් අල්ලයි


(ජයරත්න වික්‍රමාරච්චි)

ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ සිට බියගම ප්‍රදේශයට බලපත්‍ර රහිතව විවිධවර්ගයේ දැව කැබලි විශාලතොගයක් ප්‍රවාහණය කරමින් තිබූ බව කියන ලොරියක් සමග සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.

පුත්තලම අනුරාධපුර මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේදී 8 දින දහවල් මෙම වැටළීම සිදු කළ බවත් එම කාර්යාලය පවසයි.

මෙම දැව ලොරියේ අත්‍යවශ්‍ය සේවා යනුවෙන් සදහන්කර නුග, මාදං, හැළඹ, අඹ ආදී දැව කැබලි දළ වශයෙන් කිළෝ ග්‍රෑම්ස් විසිදහසක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ බවත් වනජීවී කාර්යාලය කියයි.

එසේ වුවද කිසියම් වාහනයකින් ප්‍රවාහනයට අවසර ඇත්තේ ප්‍රවාහන බලපත්‍ර අවශ්‍ය නොවන කජු, අඹ,කොට්ටම්බා වැනි දැව පමණක් බවත්, මෙහි එසේ බලපත්‍ර අවශ්‍ය නොව දැව ලෙස ඇත්තේ අඹ දැව තොගයක් පමණක් බවට මෙතෙක් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් වනජීවී කාර්යාලය සදහන් කරයි.

(ඡායාරූප: හිරාන් ප්‍රියන්කර)