ඔට්ටුවක් අල්ලා දියයට සැඟ වේ


(බුද්ධික කුමාරසිරි)

පාදුක්ක මාවතගම ප්‍රදේශයේ දියපිරි වළක ඔට්ටුවකට දිය යට සිටීමේ තරගයක් පැවැත් වූ පිරිසක් අතුරින් එක් අයකු දියේ ගිලීමෙන් අද (08) සවස මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක්  සාදයක් පවත්වා අදාල දියපිරි වළෙහි ස්නානය සදහා පැමිණ ඇති අතර එහි ස්නානය කරමින් සිටින අතරතුර හුස්ම අල්ලාගෙන වැඩිම වේලාවක් දිය යට සිටින පුද්ගලයා තෝරා ගැනීමේ තරගයක් පැවැත්වීමට කටයුතු කර ඇත.

එම තරගය අතරතුර හුස්ම අල්ලා ගෙන දිය යට ගිය එක් අයකු විශාල කාළයක් දිය යටට වී සිටීම පිළිබදව විමතියට පත් අනෙක් පිරිස ඔහු පිළිබදව විපරම් කිරීමේදී දිය වලෙහි යටටම වී නිසොල්මන්ව සිටීම නිසාවෙන් වහා ගොඩට ගෙන පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 45 හැවිරිදි පුද්ගලයෙකි.