
(රාස්සගල සමිපත් ප්‍රියනන්දන, සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි සහ ලසන්ත නිරෝෂණ)
බලන්ගොඩ ඓතිහාසික කූරගල කදුමුදුනේ ඉදිවෙන අඩි සියයක් පමණ උසකින් යුක්ත මහා සෑය සදහා මුල්ගල් තැබිමෙි පුණ්‍යොත්සවය මැදින් පොහෝදා වන අද (28) සවස සිදු කෙරිණි.
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඔරේ ධමිමරතන නායක ස්වාමින්වහන්සේ ඓතිහාසික කුරගල පුජා භුමියේ වත්මන් භාරකාරත්වය දරති.
කූරගල කදුමුදුනේ ඉපැරැණි දාගැබ කිසියම් පිරිසක් විනාශ කර දමා තිබු අතර එම දාගැබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කොටස් එක් කොට දර්ශනීය චෛත්‍යයක් ලෙස ඉදිකොට තිබෙි.
පුරා විද්‍යා සාක්ෂිවලට අනුව කූරගල භුමිය වසර 2200 ක් පමණ පැරණි බව වතුරකුඔරේ ධමිමරතන නාහිමියෝ පවසති.
කූරගල පින්බිමෙි ඉදිවන අඩි සියයකින් මහා සෑ රදුන් වහන්සේගේ නිමවුමි කටයුතු අවසන් කර ලබන වසරේ නිදහස් දිනය දා පෙබරවාරි (04) සසුනට පූජා කිරිමට බලාපොරොත්තු වන බව වතුරකුඔරේ ධමිමරතන නාහිමියෝ සඳහන් කරති.
කුරගල පුද බිමට අද මැදින් පොහෝදා සැදැහැවත්හු විශාල පිරිසක් එව සිටියහ.
අස්ගිරි පාර්ෂවයේ මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ,මැති ඇමතිවරු මෙම අවස්ථාවට එක් වූහ.




