
ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද පැවැත්විණි.
සියලු සෞඛ්‍ය සේවකයනට කොවිඩ් අවදානම් දීමනාව ලබාදෙන ලෙසත් ප්‍රවාහන, එන්නත්කරණය, ආරක්‍ෂිත උපකරණ ගැටලුව හා සේවක හිගය වහා පියවන ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
මෙයට සමගාමීව මහනුවර ජාතික රෝහල , ඇතුළු දිවයිනේ සියලු රෝහලරැසක් ඉදිරිපිට ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණ පැවැත්විණි.
(ඡායාරුපය: ශාන්ත රත්නායක)














