(අංජුල මහික වීරරත්න)
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ Bate ශ්‍රේණියේ නිලධාරී එස්. ආලෝක බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාශයේ ලේකම් තනතුරට පත් කිරීමත් සමඟ එම් තනතුර පුරප්පාඩු වී ඇත.
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පැවරී ඇති පුළුල් රාජකාරී විෂය පථය සැලකිල්ලට ගෙන, එම තනතුර සඳහා නිත්‍ය පදනමින් නිලධරයෙකු පත් කළ යුතුව තිබෙන බව රජය පවසයි.
ඒ අනුව, දැනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී එන්. යූ.එන්. මෙන්ඩිස් මහතා එකී තනතුරට පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයි ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.