ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය පාරට බසිති


ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා  සේවක සංගමය සංවිධානය  උද්ඝෝෂණයක් කොළඹ ඉංජිනේරු සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

උද්ඝෝෂණයට එක්වූ දෙදෙනකු  සංස්ථා ප්‍රධාන කාර්යාලයේ වහළය මත නැග විරෝධය පෑහ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු මෙලෙස උද්ඝෝෂණය කළහ.

(ජයමාල් චන්ද්‍රසිරි)