
(ටී.කේ.ජී.කපිල)
වසරක පමණ කාළයක් එරිට්‍රියාවේ අත් අඩංගුවේ රඳවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයන් 06 දෙනකු , විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා ප්රමුඛ රජයේ මැදිහත් වීමෙන් නිදහස් කර ගැනීමෙන් පසුව අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔවුන් අසර්බයිජාන කපිතාන්වරයකු යටතේ යුරෝපීය නෞකාවක , මුහුදු ආරක්ෂක නිලධාරීන් ලෙස සේවය කරමින් සිටියදී 2024 වසරේ නොවැම්බර් මස 07 දින මොවුන් සේවය කළ නෞකාව එරිට්‍රියානු මුහුදු කළාපයට ඇතුළු වීමත් සමග මොවුන් එරට වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

																	
																	
																	
																	
																	
																	