එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් තවත් මගී ගුවන් යානයක් අද (17) ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන්ගත කිරීමට පෙර ගුවන්ගමන අවලංගු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ.අයි. 159 ගුවන් යානය මෙසේ අවලංගු කර ඇති අතර, මෙම යානය ද පසුගිය දා අනතුරට ලක්වුණු ගුවන් යානය ගුවන්ගත වූ සර්දාර් අවල්ලම්භායි පාටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් සවස 3 ට පිටත් වීමට නියමිතව තිබුණි. මෙම යානය අනතුරට ලක්වූ යානය වෙනුවට යොදා ගැනුණු යානය වීම ද විශේෂත්වයකි.
මේ අතර, ඊයේ (16) හොංකොං සිට නවදිල්ලිය බලා පියාසර කරන්න වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක, සැක සහිත තාක්ෂණික දෝෂයක් ගුවනේදී වාර්තා කිරීමෙන් එය ආපසු හරවා ගිය බවත්, යානයට අනතුරක් සිදු නොවුණු බවත් වාර්තා විය.