එමිරේට්ස් ඊශ්‍රායලයට ගුවන් ගමන් නවත්වයි


(ටී.කේ.ජී.කපිල )

එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිහිටුවා ඇති බව එමිරේට්ස් නිල වෙබ් අඩවිය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබේ .

ඊශ්‍රායලයේ පවතින යූධමය වාතාවරණය යටතේ ඊශ්‍රායලයේ ටෙල්අවිව්

නුවර සිට නියමිත කාළසටහනකට අනුව ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක නොවන නිසා , මෙසේ එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු අත්හිහිටුවීමට තීරණය කර ඇති බව එම නිවේදනයේ සදහන් වේ .

ඊශ්‍රායල සහ අනෙකුත් රටවල ගුවන් සේවා බලධාරීන් සමග සමීපව කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹීමට  සිදු කෙරුණු බව එමිරේට්ස් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ .

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා www.emirates.com වෙබ් අඩවියට පිවිසෙන ලෙස ඔවුන් වැඩිදුරටත් දන්වා සිටිති .