එජාපෙ ‘හංසයා’ ලකුණින් එයි


(අංජුල මහික වීරරත්න)

ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ‘හංසයා’ ලකුණින් තරග කරන බව ජනාධිපති අපේක්ෂක, නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (26) පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ පක්ෂ රැසක් සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වී තිබෙන හෙයින් ඔවුන්ට ද එකඟ විය හැකි පරිදි හංසයා ලකුණෙන් ඉදිරිපත් වන බව ද සජිත් ප්‍රේමදාස මහතා කීය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.