එජාපෙ පළමු ජනරැළිය ඔක්තෝබර් 10 දා


(අංජුල මහික වීරරත්න)
 
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ පළමු ජනරැළිය ලබන 10 වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියෙන් අරඹන බව එක්සත් ජාතික පක්ෂ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
 
එක්සත් ජාතික පක්ෂයේ රටපුරා සිටින සියලු සංවිධායකවරුන් ලබන 30 වැනි දා සිට කොළඹට කැඳවන බව කී මහලේකම්වරයා ඔක්තෝබර් 3 වැනි දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පක්ෂයේ මහ සම්මේලනය පවත්වන බවද කීවේය.
 
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)