එජාපයේ සියලුම ශාඛා සමිති තර කෙරේ


(නිමල කොඩිතුවක්කු)

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සියලුම ශාඛා සමිති ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව එක්සත්  ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවැසීය.

ඒ අනුව ජාතික යොවුන් පෙරමුණ, ලක් වනිතා පෙරමුණ ආදී ශාඛා සමිති  සියලුම ආසන වල පිහිටුවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ජාතික යොවුන් පෙරමුණේ කාර්‍යාලය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.