එජාපය කොළඹට නාම යෝජනා දෙයි


(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලට ම අද (21) නාමයෝජනා බාර දුන්නේය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාම යෝජනා බාරදීම සිදු කෙරිණි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.