(රංජන් කස්තුරි)
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කර ඔවුන්ගේ රහස් ඡන්දයෙන් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නා ලෙස ඉල්ලමින් එජාප මන්ත්‍රිවරුන් පිරිසක් අගමැතිවරයා වෙත ලිපියක් යැවීමට කටයුතු කරමින් සිටිති.
එම ලිපියට අද (9) පස්වරු වන විට එජාප මන්ත්‍රීවරුන් 55 දෙනෙක් අත්සන් තබා තිබෙන බවද වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස හිතවාදී මන්ත්‍රීවරුන් පිරිසක් එම අත්සන් එකතු කිරිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරති.

