(අංජුල මහික වීරරත්න)
ජාතික පක්ෂයේ පුරප්පාඩුව පවතින මන්ත්‍රී අසුන සඳහා පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම යා යුතු යැයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද( 31 )යෝජනා කළේය .
කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දයා පැල්පොල මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලුම දෙනාගේ මතය වූයේ රනිල් වික්‍රමසිංහ මහතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ගොස් විපක්ෂයේ ශක්තිමත් බලවේගයක් ගොඩ නැගීම සඳහා ගොඩනැගීම සඳහා දායක විය යුතු බවයි .
ඊට ප්‍රතිචාර දක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමා සුදුසුම අවස්ථාවේදී සුදුසුම තීරණය ගන්නා බවයි.

