එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ආණ්ඩුවට විශ්වාස නෑ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එක්ස්ප්‍රස් පර්ල්  නඩුව ගැන ආණ්ඩුවට කිසිම විශ්වාසයක් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය .

එක්ස්ප්‍රස් පර්ල්  නඩුව පැරදුනොත් කතානායක සහ විපක්ෂය වගකිවයුතු බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ දී පැවසූ බවත් එහෙම කියූ එක වැරදි බවත් කී කිරිඇල්ල මහතා තමාට පේන්නේ ආණ්ඩුවට නඩුව ගැන විශ්වාසයක් නැති බව යැයිද මේ නඩුව දැම්මෙි අන්තිම මාසේ බවද මේ අය දැන්  නිදහසට කරුණු හොයන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.