
(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)
එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත ‘එච්එම්එස් ස්පෙයි’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (27) පෙරවරුවේ සේන්දු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත්තේය.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ එම නෞකාව, දිගින් මීටර 90.5 ක් සහ නැව් මුළුව 56 දෙනෙකුගෙන් සමන්විත වේ.
මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ නෞකාවේ අණදෙන නිලධාරියා බටහිර නාවික විධානයේ ආඥාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් අතර නිල හමු පැවැත්වීමට නියමිත අතර, එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතය.
එම නෞකාව නිල සංචාරය අවසන් කරමින් මේ මස 31 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක නිරත වෙයි.


