එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය


(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරය අද (12) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 12.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහ අධිකරණ අමාත්‍ය අචාර් ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් සහභාගී වෙති.

ශ්‍රී ලංකාව පිළිබඳ 46/1 යෝජනාව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ට පමණ 51 වෙනි සැසිවාරයට ඉදිරිපත් වීමට නියමිතව තිබේ.