එක්කෝටි තිස්පන් ලක්ෂයක මත්පෙති තැපෑලෙන්


(ටී.කේ.ජී.කපිල )

රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂ අනූ හත් දහස් පන්සීයක්  (135,97,500)  ක් වටිනා මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී  රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ගේ බාරයට ගෙන තිබේ. බෙල්ජියමේ සිට කොළඹ , මරදාන ප්‍රදේශයේ ලිපිනයකට මෙම පාර්සලය එවා තිබුණි .

කෙසේ වෙතත් මෙම පාර්සලය බාර ගැනීමට මාස 05 ක පමණ කාලයක් කිසිවෙකු නොමැතිව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී ඇති අතර ,ඒ පිළිබඳව රේගු බුද්ධි තොරතුරු විමසීමකදී ,මෙහි සදහන් ලිපිනය ව්‍යාජ එකක් බව අනාවරණය වී තිබේ .

පසුව මෙම පාර්සලය  අද (11) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් විවෘත කර පරීක්ෂා කර බැලූ අතර , එහි කිලෝ   ග්‍රෑම් 01 යි ග්‍රෑම් 485 ක බරින් යුත් මත්පෙති 3,885 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
 
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ඒකාබද්ධව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කරති .