(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )
එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර කෘතිම ශ්වසනය ලබා දිය හැකි වන පරිදි එම යන්ත්‍ර වැඩි දියුණු කිරීමට මහනුවර ජාතික රෝහලේ හෘද උරස් ඒකකයේ හෙද නිලධාරියෙක් වන ගාල්ලේ බිහාන් හිමාෂණ හපුතන්ත්‍රි මහතා සමත් ව ඇත.
මේ සම්බන්ධයෙන් සොයාගැනීම සිදුකල හපුතන්ත්‍රි මහතා පැවසූයේ නව කොරෝනා වයිරසයෙන් රෝගීන් ප්‍රමාණය වැඩි වුව හොත් දැනට ශ්‍රී ලංකාවේ දැඩි සත්කාර ඒකක වල තිබෙන කෘතිම ස්වසනය ලබා දිය හැකි යන්ත්‍ර 500 මගින් මෙම වැඩිදියුණු කරන ලද උපකරණ යොදා ගනිමින් විශාල රෝගීන් ප්‍රමාණයකට කෘතිම ස්වසනය ලබා දීමට හැකියාවක් පවතින බවයි.
මෙම කාර්යයේ දී නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජගති පෙරේරා මහත්මියගෙන් ලැබුණු සහයෝගය ඉතාමත් අගය කරන බව ද බිහාන් හපුතන්ත්‍රි මහතා පැවසීය.




