(ටී.කේ.ජී.කපිල )
එංගලන්තයේ , ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 207 දෙනෙකු රැගෙන අද(4)දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි
මෙම සිසුන් පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමෙන් පසු , ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඔවුන්ගේ බස් රථ මගින් නිරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.
ඒ අතර ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින දෙවන සිසුන් කණ්ඩායම මෙරටට රැගෙන ඒම සඳහා තවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත්ව ගියේය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන එම විශේෂ ගුවන් යානය අද 04 දින අලුයම 4.00 ට කටුනායක ගුවන් තොටුපළෙන් , ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය .
මෙම ගුවන් යානය ඒ.330 - 343 එයා බස් වර්ගයේ ගුවන් යානයක් වූ අතර , ඒ තුළ කාර්යය මණ්ඩලය පමණක් සිටියහ .
මෙම ගුවන් යානය 04 දින උදෑසන 10.40 ට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට නියමිතය .





