
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක් අද පස්වරුවේ ( 24) කොළඹදී පැවැත්විණි.
අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු, නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-André Franche මහත්ම මහත්මීහු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරී පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

