(එෆ්.අස්ලම්)
ඌවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ නියෝග මත තමන් ස්ථාන මාරු කර යැවීමට සැරසෙන බවට බදුල්ලේ දෙමළ විදුහහලක සියලුම සිංහල ගුරුවරියන් බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් සොයා බැලිම සදහා බදුල්ල කළාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එම විද්‍යාලය වෙත ගොස් විමර්ශනයක් සිදුකිරීමටද පියවර ගෙන තිබේ.
ඌවේ ප්‍රබල දමිළ අමාත්‍යවරයෙකු සිය පළාත් අමාත්‍යංශයේදී දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලය කැඳවා මෙම විද්‍යාලයේ ඉංග්‍රීසි හා දෙවන බස සිංහල විෂය ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරියන් සිව් දෙනාම විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීම මත වෙනත් පාසල් වෙත ස්ථාන මාරු කර යවන බව ප්‍රකාශ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් අදාල පියවර ගන්නා ලෙසට එකී අමාත්‍යවරයා ඌවේ අධ්‍යාපන බලධාරීන්ටද නියෝග කර ඇති අතර මේ පිළිබද සැලවූ එම ගුරුවරියන් මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කර ඇත්තේ ඒ අනුවය
මෙම විද්‍යාලයේ විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය ජාතිවාදී ස්වරූපයෙන් කටයුතු කරන බවත් ඔවුන් විද්‍යාලයේ සේවය කරන සිංහල හා මුස්ලිම් ගුරුවරියන්ට කෙනෙහිලිකම් සිදුකරන බවත් මෙම ගුරුවරියන් චෝදනා කර සිටිති.
මේ සම්බන්ධයෙන් බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදි සදහන් කර සිටියේ ඒ ආකාරයේ රාජකාරීමය පැමිණිල්ලක් තමන් වෙත ලැබී ඇති බවත් තමන් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවත්ය.