(එෆ්. අස්ලම්)
13 ව්‍යවස්ථා සංශෝධනයට පටහැනි ආකාරයෙන් දෙමළ පාසල් සඳහා වෙනම අමාත්යංලශයක් පිහිටුවීමෙන් ගුරුවරුන් හා සිසුන් අතර ජාතිවාදය පැතිරී රට විනාශයට පත්වීමේ අවධානමක් ඇති වී තිබෙන බවත් ඌව පළාතේ පමණක් පිහිටුවා ඇති දෙමළ අධ්‍යාපන අමාත්‍යංශය වහා අහෝසි කළ යුතු බවත් ලංකා ගුරු සේවා සංගමයේ මහ ලේකම් මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරයි.
ලංකා ගුරු සේවා සංගමය මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවත් ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත් දැවැන්ත විරෝධතාවන්ට සහ නෛතික ක්‍රියාමාර්ගවලට එළඹෙන බවත් හෙතෙම සඳහන් කළේය.
ඌව පළාතේ දෙමළ පාසල්වල සේවය කරන සියලු සිංහල ගුරුවරුන් ඉවත් කරන බවට ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා විසින් කරන ලද ප්‍රකාශය හා අධ්‍යාපන බලධාරීන්ට දෙන ලද නියෝග සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය බදුල්ල අධ්‍යාපන සමූපාකාර සමිතියේ දී අද (3 මාධ්ය් සාකච්ඡාවක් කැඳවමින් මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතා මෙසේද කීය.
“පසුගිය දවස්වල මාධ්‍ය මගින් අපිට දැනගන්නට ලැබුණා ලංකාවේ කිසිදු පළාත් සභාවක නැති ඌව පළාත් දෙමඅධ්‍යාපන ඇමති සෙන්දිල් තොන්ඩමන් විසින් ඌව පළාතේ දෙමළ පාසල්වල සිටින සිංහල ගුරුවරුන් ඉවත් කරන්න ඕන කියලා කළ ප්‍රකාශය. එය ඉතා බරපතල ප්‍රකාශයක්. එක පැත්තකින් මේ ආණ්ඩුව නිතරම දොඩවන සංහිදියාව සම්බන්ධ ප්‍රශ්නයක් ඒ හරහා මතුවෙනවා.
අනිත් පැත්තෙන් ලංකාවේ කිසිදු පළාත් සභාවක හෝ මධ්‍යම රජයේ හෝ දෙමළ අධ්‍යාපන ඇමතිවරු කියල ජාතියක් නැහැ. ඉන්නෙ අධ්‍යාපන ඇමතිවරු. අධ්‍යාපන අමාත්‍යංශයේ ඉන්නවඅධ්‍යාපන ඇමතිවරයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක්. පළාත් සභාවල ඉන්නවා පළාත් අධ්‍යාපන ඇමතිවරයෙක්. පුද්ගලයා දෙමළද සිංහලද කියන එක නෙවෙයි අදාළ. දෙමළ අධ්‍යාපන ඇමතිවරු කියල ජාතියක් නැහැ. නමුත් ඌව පළාතේ ඉන්නවා දෙමළ අධ්‍යාපන ඇමතිවරයෙක්.
ඌව පළාතේ දෙමළ අධ්‍යාපන ඇමතිවරයෙක් නිර්මාණය වුණේ කොහොමද? ඔබට මතක ඇති 2018 ජනවාරි 03 වනදා බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනියගේ සිද්ධිය. ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා රගුනාත් භවානි මහත්මිය තමන්ගේ නිල නිවසට ගෙන්වාගෙන නීති විරෝධී විදිහට දේශපාලන පාක්ෂිකයෙකුගේ දරුවෙකු පාසලට අරගත්තෙ නැහැ කියල ඇයට පරුෂ වචනයෙන් බැණල දණගස්වලා තිබුණා. ඇය ලවා වන්දවාගෙන තිබුණා. මෙම සිද්ධියට ලංකාව පුරා විරෝධතා පැවැත්වුණා. ලංකා ගුරු සේවා සංගමය විදිහට බදුල්ලෙදී අපිත් උද්ඝෝෂණ විරෝධතා පැවැත්වුවා. මේ විරෝධය එක්ක ජනාධිපතිවරයා තාවකාලිකව ඇස් බැන්දුමක් විදිහට ඌව පළාතේ මහ ඇමති චාමරව අධ්‍යාපන අමාත්යා ධූරයෙන් ඉවත් කරනු ලැබුවා. පසුව ඔහුට අධ්‍යාපන අමාත්‍ය ධූරය නැවත ලබාදෙන අතර ඌව පළාතඅධ්‍යාපන අමාත්‍යංශයේ දෙමළ මාධ්‍ය පාසල් පමණක් සෙන්දිල් තොන්ඩමාන්ගේ අමාත්‍යංශයට පවරනවා. මෙය සම්පූර්ණයෙන්ම අවිද්‍යාත්මකයි.
සෙන්දිල් තොන්ඩමාන්ට සියලු පාසල් දුන්නා නම් ඒක වෙනම ප්‍රශ්නයක්. අපිට ඒ සම්බන්ධයෙන් විරෝධයක් නැහැ. මොකද කොයි ඇමතිවරයත් එකයි. මොකද සමහරු ඉන්නවා සාමාන්යඅ පෙළවත් සමත් නැති අය. ඒ නිසා සෙන්දිල් තොන්ඩමන්ට හෝ වෙන ඇමතිවරයෙකුට අධ්‍යාපන ඇමතිධූරය ලබාදුන්න නම් අපිට ගැටළුවක් නැහැ. මුස්ලිම් පාසල් ටිකත් ඉවත් කරලා දෙමළ මධ්‍යම පාසල් පමණක් සෙන්දිල් තොන්ඩමන්ට පවරනවා මේ සිද්ධිය පදනම් කරගෙන. මෙන්න ජනාධිපතිවරයා තීන්දු ගන්න විදිය. මෙය කැකිල්ලෙ තීන්දුවක්.
එතැනින් පස්සෙ සෙන්දිල් තොන්ඩමන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට විවිධ බලපෑම් කරනවා, දෙමළ මාධ්‍ය පාසල්වල සිංහල ගුරුවරුන් ඉවත් කරන්න කියලා. එදා රගුනාත් භවානිව විතරයි චාමර සම්පත් දසනායක තමන් ළඟට ගෙන්වාගෙන වන්දවා ගත්තේ. අද සෙන්දිල් තොන්ඩමාන් සියලු දෙමළ ගුරුවරුන් තමන්ගෙ ළඟ දණගස්සවා ගන්නවා. ඔවුන් අද ඔහු ළඟට යන්න ඕන ස්ථාන මාරු සඳහා. අද මුළුමහත් ඌව පළාතේම දෙමළ ගුරුවරු ඔහු ඉදිරියේ දණගස්වන මට්ටමට පැමිණ තිබෙනවා.
මේ ක්‍රියා පිළිවෙළ වැරදියි. අපි එයට විරුද්ධත්වය පළකරනවා. ඌව පළාතේ දෙමළ කලාප අධ්‍යක්ෂකවරු පත්කරන්නයි දැන් ඔහුගේ සූදානම. දෙමළ පළාත් අධ්‍යක්ෂකවරයෙක්, දෙමළ අධ්‍යාපන බලධාරීන් කියා කොටසක් වෙනම පත්කර ගන්න. එක පැත්තකින් වැරදි ක්‍රියාමාර්ගයක් ගන්නවා ජනාධිපතිවරයා. අනිත් පැත්තෙන් ඒ වැරදි ක්‍රියාමාර්ගය පදනම් කරගෙන පනින රිළවුන්ට ඉණිමං තිබ්බා වගේ සෙන්දිල් තොන්ඩමන් බඩ පිනුම් ගහන්න පටන් අරගෙන තියෙනවා.
අපි ජනාධිපතිවරයාට කියනවා වහාම මේ කටයුත්ත හකුලා ගත යුතුයි. ඌව පළාතේ අධ්‍යාපන ඇමතිධූර සියල්ල එකට ගතයුතුයි. අපි කිසිසේත් එකඟ නැහැ චාමර සම්පත් දසනායකට මේ ඇමති ධූරය දෙනවට. ඔහු කිසිවිටක ඒ ඇමතිධූරය දරන්න සුදුසු නැහැ. මේ අධ්‍යාපන ඇමතිධූරයට දෙමළ, මුස්ලිම්, සිංහල සියලු පාසල් එක අමාත්‍යංශයක්, අමාත්‍යවරයෙක් යටතට පත්කළ යුතුව තිබෙනවා. මේ නිසා පරිපාලනය අවුල් ජාලාවක් බවට පත්කරලා, පරිපාලන හා විවිධ ගැටළු මතුවෙලා තියෙනවා. වහාම මේ අමාත්‍යංශය ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ලෙසින් ඒකාබද්ධ කරන්න ඕන කියල අපි කියනවා.
එහෙම නැත්තම් ඉදිරියේදී මේ ගුරුවරු වෙනුවෙන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙන්න අපිට සිදුවෙනවා. ලංකා ගුරු සේවා සංගමය විදිහට අපි ලෑස්තියි ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් වෙන්න.
අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර බරපතල විරසකයක් නිර්මාණය වුණා. නැවත වතාවක් ජාතිවාදී විදිහට අමාත්‍යංශ බෙදමින් අමාත්‍යංශවල වැඩ කරමින් මේ සූදානම් වෙන්නේ නැවතත් ජාතිවාදය අවුස්සන්නයි. සිංහල දේශපාලකයො සහ දෙමළ දේශපාලකයෝ ජාතිවාදය අවුස්සමින් සංහිදියාව කියන වචනයට මුවාවෙලා සංහිදියාව කැඩෙන වැඩයි කරන්නේ.
මේවාට ආණ්ඩුව වගකියන්න ඕන. විශේෂයෙන් ජනාධිපතිවරයා. ඌව පළාත් සභාව කියන්නෙ සන්ධානයේ පළාත් සභාවක්. එනිසා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවටත් වගකීමක් තියෙනවා. මොකද මධ්‍යම ආණ්ඩුවට යටත් පළාත් ආණ්ඩු. පළාත් ආණ්ඩුවල ඇමතිවරුන්ට ඕන ඕන විදිහට පිස්සු නටන්න ඉඩ තියන්න බැහැ. එහෙම පිස්සු නටනව නම් අපි ලෑස්තියි ඒවාට අභියෝග කරන්න.
දැනටමත් උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න අසාධාරණ විදිහට නිවත්තකචේතිය මහ විදුහලේ විදුහල්පතිවරයා ස්ථාන මාරු කරා. ඊට එරෙහිව අපි උසාවි ගියා. අවසානයේ පේෂල ජයරත්නට සිදුවුණා ලක්ෂ පහමාරක වන්දියක් ගෙවල එම විදුහල්පතිවරයාට නැවත එම පාසලම ලබා දෙන්න. බදුල්ල දෙමළ බාලිකා විදුහල්පතිනිය දණගැස්වීමට එරෙහිවත් අපි උසාවි ගිහිං තියෙනවා. අපි විශ්වාස කරනවා හොඳ තීරණයක් ඒ සඳහා ලබා දෙයි කියලා. ජාතිවාදී උවදුර පරද්දන්න ගතයුතු, ගතහැකි සියලු ක්‍රියාමාර්ගවලට යන්න අපි ලෑස්තියි. ”
ප්‍රශ්නය - මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ගය කුමක්ද ?
පිළිතුර - මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලිඛිතව ජනාධිපතිවරයා දැනුවත් කරනවා. මේ අමාත්යාධූරය එක අමාත්‍යවරයෙකු යටතට පත්කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා. එසේ නොවුණොත් අපි උද්ඝෝෂණ හා නෛතික ක්‍රියාමාර්ග දක්වා යනවා. පැහැදිලිවම මේක නීති විරෝධීයි. වෙන මොකක් හරි අමාත්‍යංශයකට අමුණනවා අධ්‍යාපනයේ දෙමළ කොටස. මෙහෙම පවරලා කොහොමද අමාත්‍යංශ කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා තියෙනවා.
අමාත්‍යවරයාගෙන් මේ ගුරුවරු ඉවත් කරන්න ඉල්ලීමක් කළේ තමන් නෙවෙයි කියල භවානි රගුනාත් විදුහල්පතිනිය මා එක්ක පැවසුවා. අධ්යාොපන බලධාරීන් කවුද කියල අපි දන්නෙ නැහැ. නමුත් එහෙම ඉල්ලුවා කියල මේ විදිහට ඉවත් කරන්නත් බැහැ. පාසලේ විදුහල්පතිනිය හරි වෙනත් ගුරුවරියක් ඉල්ලුවහම කොහොමද එහෙම මාරු කරන්නේ? ඒ විදුහලේ ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ සිංහල ගුරුවරු. ඒක මහලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද දෙමළෙන් ඉංග්‍රීසි උගන්වනවට වඩා ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි උගන්වීමයි හොඳම. කිසිදු තර්කයක් පදනමක් නැති විදිහට දෙමළෙන් උගන්වන්න බැරි නිසා අයින් කරනවා කියල ඇමතිවරයා කතා කරල තිබුණා. ජනාධිපතිවරයා කඩිනමින් මේ ගැන අවධානය යොමු කරලා ක්‍රියාමාර්ග ගත යුතුයි.