උස්සන යතුරු පැදි තප්පර 60 මස් කරන්නෙක් මාට්ටු


(රේඛා තරංගනී ෆොන්සේකා)

විනාඩියක් ඇතුළත යතුරුපැදියක් මස්කළ හැකි බව කියන යතුරුපැදි සොරකමේ යෙදුණ සැකකරුවකු මස් කළ යතුරු පැදියක් සහ ප්ලැටිනම් වර්ගයේ යතුරුපැදියක් සමග අද අලුයම අත්අඩංගුවට ගත්බව මොරටුමුල්ල පොලිසිය කියයි.

ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවේ දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් ප්ලැටිනම් වර්ගයේ යතුරු පැදියට ද වෙනත් යතුරු පැදියක අංකයත් සවිකොට තිබූ බවට තහවුරු වූ බව පොලිසිය පවසයි.

මෙම සැකකරුට ඕනෑම යතුරුපැදියක් විනාඩියක් ඇතුළත මස් කළ හැකි තරම් දක්ෂතාවයකින් යුතු බව පොලිසිය පැවසීය.

මොහු මීට පෙර ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් සොරාගත් සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලැබූ සැකකාර අයකු  බව ද පොලීසිය පැවසී ය.