උසස්පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කළ ගුරුවරුන්ට දීමනාව තාම ගෙවා නැහැ


 (නිමල කොඩිතුවක්කු)

 

     2018  වසරේ  අගෝස්තු මාසයේ පැවැති උසස් පෙල විභාගයේ උත්තර පත‍්‍ර පරීක්ෂා කිරිම සදහා එක් වු ගුරුවරුන්ට හා නිළධාරීන්ට  ගෙවිය යුතු දීමනා මෙතෙක් ගෙවා නොමැති බව  ලංකා ගුරු සේවා සංගමය පවසයි.


උසස් පෙළ විභාගයේ රාජකාරි කළ නිළධාරින් වෙනුවෙන් ලබාදීමට තිබූ ගෙවීම්ද මාස තුනකට වැඩි කාළයක් ප‍්‍රමාද කර ඇතැයිද ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කළේය.


මේ හේතුවෙන් එම ගුරුවරුන් සහ නිලධාරීන් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ  පා ඇතැයිද ජයසිංහ මහතා පැවැසීය.


බස් ගාස්තු සහ අනෙකුත් වියදම් ඇතුලූව ජීවන වියදම් ඉහල යාම සහ වෘත්තීය වැදගත්කම පිලිබඳ  සලකා බලා විභාග රාජකාරි සදහා ලබාදෙන දීමනා වහාම වැඩි කරන ලෙසද ඔහු ඉල්ලිමක් කළේය.


අදාල දීමනා සහ වැටුප් මෙතෙක් නොගෙවිම සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා ඇතුලූ නිළධාරීන් දැනුවත් කර ඇතැයිද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.