
(ප්‍රසාද් රුක්මල් )
උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම රදවා ගත යුතු ප්‍රමාණයට වඩා ක්‍රමයෙන් ජල මට්ටම ඉහළ යන හෙයින් උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු 3ක් මීටර් 0.1 බැගින් අද (26) පස්වරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දිප්ත ජයසේකර මහතා පවසයි
මේ නිසාවෙන් උල්හිටිය රත්කිද ජලාශයට පහළ ප්‍රදේශයේ පදිංචි ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව හෙතෙම දැනුම් දෙයි .
2023-2024 මහකන්නය සදහා මහවැලි සී කලාපයට වාරි ජලය උල්හිටිය රත්කිද ජලාශයේ න් නිකුත් කිරීම ඊයේ (25) දින අවසන් වූ බවත් , උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාමට ඉඩ නොදී අවශ්‍ය ප්‍රමාණයට රදවා තබා ගනිමින් එම ජලාශය ට අවධානමක් ඇති නොවන අයුරින් මෙසේ ජලාශයේ පිටවානේ දොරටු විවෘත කල බවත් උල්හිටිය රත්කිද ජලාශ ය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය .

