උරුමය මග දමා ඉදිරියට යන්න බෑ


(අංජුල මහික වීරරත්න)

ඓතිහාසික උරුමයන් සමඟ බැඳුණු  සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කතරගම දී පැවසීය. 

ජාතියේ සංවර්ධන මාවත  තෝරාගත යුත්තේ එම ඓතිහාසික උරුමය සමග බව ද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඓතිහාසික රුහුණු කතරගම පුදබිමේ වාර්ෂික ඇසළ මංගල්‍ය අමතමිනි. 

ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත් වල නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනතුරුව, ඓතිහාසික කිරිවෙහෙර රජමහා  විහාරාධිපති, කොබවක ධම්මින්ද නා හිමි බැහැ දැක  කෙටි පිළිසඳරක නිරත විය.

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර නැරඹීමටද එක් වූ ජනාධිතිවරයා මංගල  හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවටද සහභාගී විය.