උපන්දින සාදයක් පැවැත් වූ 25ක් නිරෝධායනයට


(ජවුෆර් ඛාන්)

මඩකලපුව  මුලස්ථාන  පොලිස් වසමේ  කොට්ටමුනේ සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයේ හුදකලා නිතිය උල්ලඝනය කර  උපන් දින සාදය පැවෙත්වූ  තරුණයකු අඩංගුවට ගෙන ඇති අතර  සභභාගිවුවන් 25 දෙනකු නිරෝධායනය කළ බව සෞඛ්‍ය අංශ කියයි.

මෙම කෝට්ටමුනේ  ප්‍රදේශයේ   නිවසක  නිරෝධාන නිතිය කඩ කර පෙරේදා (10) සවස  උපන් දින උත්සවය පවත්වන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එම උත්සවයට  සහභාගිවූවන්  වැඩි පිරිසක් මුඛ ආවරණ නොපැළදු බව  සෞඛ්‍ය බලධාරීන් පවසයි.

සංවිධානය කල පුද්ගලයා ඇතුළු  සියලු දෙනාට  පි. සි. ආර්. පරීක්ෂණ  කර  දින 14 ක්  හුදකලා  කර ඇති සෞඛ්‍ය බලධාරීන් පවසයි.