
(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 11 හැවිරිදි ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිනුලි සොහන්සා මහා බි්‍රතාන්‍යයේ ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමට ඇතුළත් වීමට වඩාත් කැපී පෙණෙන සිද්ධියක් බවට පත්ව තිබේ.
ඇය පසුගිය ජූලි මස පැවැති බි්‍රතාන්‍ය ජාතික ජිම්නාස්ටික් තරගාවලියේදී දැක්වූ දස්කම් සමඟ ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමට සුදුසුකම් ලැබූ අතර ඒ අනුව ඇය ලබන ඔක්තෝබර් මස ජර්මනියේදී පැවැත්වෙන ලෝක ජිම්නාස්ටික් තරගාවලියට බි්‍රතාන්‍ය කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ හිටපු දක්‍ෂ ජිම්නාස්ටික් පුහුණුකරුවෙක් වන ගුණරත්න බණ්ඩාර මහතා ඇයගේ පිය වන අතර ගුණරත්න මහතා එංගලන්ත ජිම්නාස්ටික් සමාජයක සහ ඔහුගේම පුහුණු පාසලක ජිම්නාස්ටික් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරයි.
ජිම්නාස්ටික් ක්‍රීඩාව පිළිබඳව මුලකුරු සිය පියාගෙන් හැදෑරු මිනුලි වයස අවුරුදු 6 සිට එංගලන්ත ජාතික පුහුණුකරුවෙක් යටතේ පුහුණුව ලබන්නීය.
ලන්ඩන් නුවර ජීවත් වන මිනුලි සොහන්සා පවසන්නේ ඇයගේ ඉලක්කය ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීම බවයි.

