උපන් ඇඳුමින් බයිසිකලයේ ගිහින්


 

කඳාන නගර මධ්‍යයේ දී අද (4) දහවල් පුද්ගලයෙක් උපන් ඇඳුමින් බයිසිකලයක් පැදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළින් විදහා දක්වයි. එම විඩියෝව වාහනයක සිට වීඩියෝ ගත කර තිබේ.

සමාජ මාධ්‍ය තුළින් පුළුල් ලෙස සංසරණය වූ මෙම විඩියෝවේ දැක්වෙන්නේ එම පුද්ගලයා බයිසකයේ හැඬලය දෙපැත්තෙන්ම අල්ලාගෙන ඉතා සන්සුන්ව බයිසිකලය පැදගෙන යන ආකාරයි.

මහ දවල් සිදුවූ මෙම සිද්ධිය මහජනයාගේ සහ බලධාරින්ගේ අවධානය යොමු වී තිබේ.

අදාල පුද්ගලයා හදුනාගැනීමට හා නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරිම සඳහා පොලිසිය විසින් එම දර්ශන පරීක්ෂා කරමින් සිටින බව වාර්තා වේ.