
(උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)
නීති විරෝධී මත්පැන් හා පෙරීමෙි උපකරණ ළඟ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලීසිය කියයි.
දැනට කවරක්කූලම පොලිසියේ රාජකාරී කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරකට අනුව තිරප්පනේ පොලිසිය ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුට ගැනිම සිදු කර ඇත.
ඔහු පදිංචිව සිටි නිවස තුළ නීති විරෝධීව පෙරන ලද මත්පැන් ,එය පෙරීමට යොදා ගන්නා ලද ගෑස් උඳුනක්ද, බැරලයක්, හා තඹ දඟරයක් පොලිසියේ භාරයට ගෙන ඇත.

