උන්ඩයක් සමග ඊශ්‍රායල තරුණියක් අල්ලයි


(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ආපසු ඊශ්‍රායලය බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඊශ්‍රායල ජාතික තරුණියකගේ ගමන් මල්ලේ තිබූ මිලි මීටර් 5.56 ජීවී පතුරමක් කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත අද (04) දින අලුයම  භාර දී තිබේ .

ඇය ඊශ්‍රායල යුධ හමුදාවේ සේවය කළ 22 හැවිරිදි තරුණියක් වන අතර සිය මිතුරියක සමග ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ තිබුණි.

ඇය අද (04) අලුයම 01.55ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහිදී ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු, ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍රයක් ( Scan Test) මගින් පරීක්ෂා කිරීමකට ලක් කිරීමේ දී මෙම  පතුරම සොයා ගෙන තිබේ .

පසුව මෙම තරුණිය, පතුරම ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .