( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ , රෙමුණ ලී මෝලක සේවකයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව එක්සේවකයෙකු අනෙක් සේවකයාට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති වයස අවුරුදු 55 ඇඹිලිපිටිය සෙවනගල ලක්ෂිරිගම පදිංචිව සිටි ඒච් .ඒ විමල සිරි නමැත්තකු බව පොලීසිය කියයි .
මෙම සේවකයන් දෙදෙනා රාජකාරිය අවසන් වී ඔවුන් විවේක ගන්නා කාමරයේ රැඳී සිටියදී ඇතිවූ බහින්බස්වීමක් දුරද දිග යාමෙන් අනතුරුව සැකකරු මරණකරුට උදැල්ලෙන් පහරදී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය කියයි.
ඝාතනය සම්බන්ධයෙන් , මොරන්න , වරකා වැහැර පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු පහර දීමට යොදාගත් උදැල්ල සමඟ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.