
(අංජුල මහික වීරරත්න)
වත්මන් ආණ්ඩුව උතුරු සහ නැගෙනහිර පළාත් වලට විශේෂ අවධානයක් යොමු කර ඇති අතර Youth Clubs පිහිටුවීමේ කටයුතු වලදී ද තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය වශයෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි , වවුනියා දිස්ත්‍රික්කවල Youth Clubs පිහිටුවීමේ අවස්ථාවන්ට සහභාගී වෙමිනි.
මෙරට තරුණ තරුණියන්ට භාෂාව ගැටලුවක් කර නොගෙන කටයුතු කළ හැකි කාලයක් ඉදිරියේදී උදාවන බවත්, ඒ වෙනුවෙන් Youth Clubs හරහා විශාල දායකත්වයක් ලබාදීමට සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙරට තරුණ තරුණියන්ගේ සිහින සැබෑ කිරීම වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා තරුණ තරුණියන්ගේ සිහින සැබෑ කිරීම වෙනුවෙන් Youth Clubs ගොඩනැගීම ආරම්භ කර ඇති බව සඳහන් කළේය.

