(උපාලි ආනන්ද)
උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට ඒ මහතාගේ නිවසේදිම ඇසිඩි ප‍්‍රහාරයක් එල්ල කර පූර්ණ අන්ධ භාවයට පත් කර අල්විස් මහතා මරා දැමීමට තැත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු හමුදා සෙබළකුට සහ මාලූ වෙළෙන්දෙකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා වසර 30 බැගින් වසර බරපතල වැඩ සහිත සිර දඩුවම් අද නියම කළේය.
රුපියල් ලක්ෂය බැගින් දඩ සහ වින්දිත උතුරුමැද පළාත් හිටපු ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහාතාට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ගෙවීමටද විත්තකිරුවන්ට නියම කළ විනිසුරුවරයා එම දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් අමතර වසර 05 බැගින් ඔවුන්ට සිරදඬුවම්ද නියම කළේය.
විත්තිකරුවන් සමඟම චෝදනා ලැබ සිටි නඩුවේ පළමු විත්තිකරු වන මින්නේරිය හබරන පාර මෙත්සුව ලිපිනයේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරයකු වු සුසිරි කුමාර වික‍්‍රමසිංහ නැමත්තාට එරෙහි චෝදනා පැමිණිල්ලෙන් ඔප්පු කර නැති බව තීරණය කරමින් චෝදනාවලින් ඔහු නිදොස් කෙට නිිදහස් කළ විනිසුරුවරයා නඩුවේ ඉතිරි විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් ඔවුන්ට දඬුවම් නියම කළ අතර වසර 30ක සිරදඬුවම වසර 15ක කාලයකින් ගෙවී යන අන්දමට ක‍්‍රියාත්මක කිරීමටද නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මින්නේරිය මදරජඇල පදිංචි හිටපු යුද හමුදා සෙබළකු වන ඒ.ඩබ්. නුවන් කුමාර සහ වතුරගම එතගලබඩ පදිංචි මාලූ වෙළෙන්දකු වන ඩබ්.ඒ. කේෂිත හෂාන් යන විත්තිකරුවන්ටය.