(රොමේෂ් මධුෂංඛ)
පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේදී ඉඩම් අක්කර 75 ක පමණ ප්‍රමාණයක් යොදා ගනිමින් යාපනය ජනාධිපති මන්දිරය ඉදිකළද අවට ඉඩම් මේ දක්වා මුල් අයිතිකරුවන්ට ලබා දීමට වත්මන් ජනාධිපති පියවර ගෙන නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පැවසීය.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වූ අවස්ථාවේදීය.
එහිදී සී.වී.විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසුව යාපනයට පැමිණි අවස්ථාවේ අදාළ ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශය ජනතාව වෙත ලබාදෙන බවට පැවසුව ද අදාළ පොරොන්දුව මේ දක්වා ඉටු නොවූ බව ඒ මහතා පැවසීය.
එමෙන්ම වර්තමානයේදී උතුරු පළාත තුළ රජයේ හා පෞද්ගලික ජනතාවගේ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් තවමත් ආරක්ෂක අංශ සතුව පවතින බවද එම ඉඩම් ලබා දීම සඳහා මෙතෙක් වත්මන් බලධාරීන් පියවර ගෙන නොමැති බවටද විග්නේශ්වරන් මහතා සඳහන් කළේය.

