උත්තර පත්‍ර පරීක්ෂක අයදුම් මාර්ග ගත ක්‍රමයට


(රංජන් කස්තුරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ උත්තර පත්‍ර පරික්ෂකවරුන් තොරා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk යන නිල වෙබ් අඩවියට පිවිස මාර්ග ගත ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.

විභාග දෙපාර්තමේන්තුවේ නිලජංගම දුරකතන යෙදවුම වන DOE වෙත පිවිස ද මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.