උණ්ඩ සහ ගිනි අවි කොටස් නිවසේ සඟවාගෙන සිටි සැරයන් මාට්ටු


(ඉන්දිකා  රාමනායක)

කෑගල්ල බණ්ඩාරවත්ත සිය   ප්‍රදේශයේ නිවසේ  විවිධ ජීව උණ්ඩ, ගිනි අවි කොටස්  සඟවාගෙන සිටි ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය පොලිස් සැරයන්වරයකු විශේෂ පොලිස්‌ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ආමි සම්පත් නමැති  අපරාධකරුවෙකුට අයත් අවියක්   සැරයෙන් වරයාගේ කෑගල්ලේ නිවසේ සඟවා ඇති බවට ලද බුද්ධි තොරතුරකට අනුව  කෑගල්ල විශේෂ පොලිස් කණ්ඩායමක්  එම නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී ගිනිඅවි කොටස් සහ  පතුරම් සොයාගත් බව පොලිසිය පවසයි.

සොයාගත් භාණ්ඩ අතර මිලිමීටර්  22 වර්ගයේ උණ්ඩ 19 ක්, ටී 56 වර්ගයේ  උණ්ඩ 15ක්, මිලිමීටර්  9 වර්ගය පිස්තෝල උණ්ඩ 5ක්,  මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවි කොටස්, පිස්තෝල අවියක කොටස්, සහ කඩුවක් තිබූ බව පොලිසිය පවසයි.