
(ගයාන් සූරිය ආරච්චි)
මිනුවන්ගොඩ ප්රදේශයේ නිවසක සඟවා තිබූ ටී 56 උන්ඩ 8 ක් සහ පුහුණු උණ්ඩ 5 ක් සමග ගුරුවරයෙකු අත්අඩංගුවට ගත්බව ගම්පහ කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ, අඹ ගහවත්ත ප්රදේශයේේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.
ගම්පහ කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරීක්ෂාකිරීමේදී මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

																	
																	
																	
																	
																	
																	