(ටී.කේ.ජී.කපිල )
උණ රෝගී තත්වයකට ගොදුරු වීමෙන් තම එකම පුතා අද(06) අලුයම මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව , එම සිසුවාගේ පියා වන එම්.එන්.ඉස්තිකාර් මහතා පැවසීය .
මිය ගොස් ඇත්තේ අවුරුදු දහතුනක් වන බ්දුල් අසීස් නම් දරුවෙකි. ඔහු මීගමුව මීගමුව අල් - හිල්ලාල් ජාතික පාසැලේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අයෙකි.
සිය දරුවාගේ මරණය පිළිබදව අදහස් දැක්වූ පියා.
මීට දින දෙකකට පමණ පෙර ඔලුවෙ කැක්කුමක් එක්ක උණ රෝගී තත්වයක් ඇති උනා . උණ වරින් වර අඩු උනා වැඩි උනා . පස්සෙ ඊයේ(05 ) රාත්‍රී මගේ පුතා තද නින්දකට වැටුනා .
මේ අසාමාන්‍ය තත්වය නිසා රාත්‍රී 10.30 ට විතර මීගමුව මහ රෝහලට අපි පුතාව ඇතුළත් කළා . එහිදී පුතාව දැඩි සත්කාර ඒකකයට යොමු කළා .ඒකෙ වෛද්‍යවරුන් ලොකු උත්සාහයක් ගත්තා . පුතා රාත්‍රී ගත් ආහාර පවා එළියට ගත්තා . නමුත් පුතාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබුණා .
අද(06) අලුයම 12.20 ට මගේ පුතා මිය ගියා .
මේ වනවිට මෙම සිසුවාගේ මළසිරුර මීගමුව මහ රෝහලේ මතෘ ශරීරාගාරයේ තබා ඇති අතර මීගමුව රෝහල් පොලිසිය මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

