උඩරට මාර්ගයේ දුම්රිය ඇල්ල, නානුඔය හා බණ්ඩාරවෙල දක්වා


(මහින්ද නිශ්ශංක)

මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල , නානුඔය හා බණ්ඩාරවෙල දක්වා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

කොළඹ කොටුව හා ඇල්ල අතර ඔඩිසි හා උඩරට මැණිකේ දුම්රියන් ද කොළඹ හා නානුඔය අතර පොඩි මැණිකේ දුම්රිය ද කොටුව හා බණ්ඩාරවෙල අතර රාත්‍රී තැපැල් දුම්රියන් ද ධාවනය කෙරෙන බව පාලක මැදිරිය සදහන් කරයි.

අයහපත් කාලගුණික තත්ත්වය නිසා මෙසේ දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගත් බව පවසන දුම්රිය දෙපාර්තමේන්තුව හාලිඇල හා උඩුවර ප්‍රදේශවලදී දුම්රිය මාර්ගයට කඩාවැටුණු ගල් හා පස්කදු ඉවත් කිරීම මේ වනවිටත් සිදු කෙරෙන බව පැවසීය.

මේ නිසා ඇල්ල හා බදුල්ල අතර දුම්රිය ධාවනය තව දින කීපයකට ප්‍රමාද විය හැකි බවත් බලධාරීහු පැවසූහ.