උඩරට දුම්රිය මාර්ගයේ ගල් ඉවත් කරයි


(යොහාන් භාසුර)

වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පෙරලුණු විශාල ගල් ඉවත්කිරීම තව දුරටත් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

දුම්රිය මාර්ගය අද (3) පස්වරුව වන විට දුම්රිය ධාවනය කළ හැකි ආකාරයට සකස් කළ හැකිවනු ඇති බවට විශ්වාස කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.