උඩරට දුම්රිය මාර්ගය යළි වැහෙයි


(ප්‍රසාද් රුක්මල්)

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ට අද (14) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටී ඇති අතර , මේ වන විට මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය උඩුවර දුම්රිය ස්ථානයෙ සහ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩිමැනිකේ දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයේ නවතා තබා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයෙක් කීය .