(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය ට අද (12) අලුයම පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
පවතින වර්ෂාවත් සමඟ මෙසේ දුම්රිය මාර්ගය ට ගල්පර්වත පස්කදු කඩා වැටී ඇති අතර මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1045 දරන රාත්‍රි තැපැල් දුම්රිය දැනට පට්ටිපොළ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය .
මේ අතර බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් අංක 1016 දරන උඩරටමැණිකේ දුම්රියේ දුම්රිය සේවකයන් පිරිසක් එම පස්කදු ගල්පර්වත කඩා වැටී ඇති ස්ථානය ට ලගා වෙමින් සිටින බවත් දුම්රිය මාර්ගය ට කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය තරමක ප්‍රමාදයක් සිදු වන බවද පවසයි .