උඩරට දුම්රිය ධාවනයට බාධා


(ප්‍රසාද් රුක්මල් ) 

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියේ එන්ජිමක ඇති වූ හදිසි කාර්මික දෝශයක් නිසාවෙන්  උඩරට දුම්රිය මාර්ගයේ හැටන්  රොසැල්ල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී අද (8) අලුයම දුම්රිය අතර මග ඇණහිටීමෙන් රොසැල්ල හැටන් අතර දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

දුම්රියේ ගමන් ගත් දුම්රිය මගින් දුම්රිය තුළ සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .

දැනට පැය පහකට ආසන්න කාලයක් මුලුල්ලේ මෙසේ දුම්රිය අතර මග නතර වී ඇති බවද එම දුම්රිය මගින් පැවසූහ .

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වන අංක 1126 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය හැටන් දුම්රිය ස්ථානය ට පැමිණීමෙන් පසුව එම දුම්රිය එන්ජිම ගලවා යවා කාර්මික දෝශයකට ලක්ව ඇති කොළඹ බදුල්ල රාත්‍රි තැපැල් දුම්රිය හැටන් දුම්රිය ස්ථානය ට ගෙන ඒමට කටයුතු සිදු කරන බවත් , දැනට බදුල්ල සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන වලින් සාමාන්‍ය පරදි නියමිත වේලාවට කොළඹ කොටුව සහ බදුල්ල බලා දුම්රිය න් ගමන් ආරම්භ කරන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය .